කොණ්ඩෙ දිග දිලිනි යනු ඇගේ ක්ෂේත්රයේ අනන්‍යතාවයි
දිලිනි ලක්මාලි කියන්නෙත් කලා ක්ෂේත්රය හොඳින්ම හඳුනන රංගන ශිල්පිනියක්. බොහෝ දෙනෙක් ඇය හඳුන්වන්නේ කොණ්ඩෙ දිග දිලිනි ලෙසින් බව ක්ෂේත්රයට නම් රහසක් නොවෙයි. තරුණියකට ආභරණයක් වන දිගු වරලස ඇගේ අනන්‍යතාව තහවුරු කරන සාධකයක් වීමත් විශේෂත්වයකි. ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ කප්සුවහස්කල් ටෙලි නාට්‍යයේ පියුමි මිසී නමැති හෙදියගේ චරිතයෙන් අසීමිතව ප්‍රේක්ෂක ආදරය දිනූ ඇය මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයේ චේතනා ලියනාරච්චි ලෙසින් ඔබ නෙතු මානයට එන්නීය. මේ සොඳුරු පිළිසඳර ඇය සමඟයි.
ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් ඔබව හඳුන්වන්නේ කොණ්ඩෙ දිග දිලිනි කියලා නේද? කොණ්ඩය ඔබේ අනන්‍යතාව තහවුරු කරන සාධකය බවට පත්වෙලා. ඒ ගැන මොනවගේ හැඟීමක් ද තියෙන්නේ?
ඒක රංගන ජීවිතේට වගේම මගේ පෞද්ගලික ජිවිතේටත් ආභරණයක්. විශේෂයෙන් දේවල් නොකළත් පෞද්ගලිකව මං කොණ්ඩය රැකබලාගන්නවා. ඒ සඳහා මට ආවේණික සුපුරුදු දේවල් කිහිපයක් තියෙනවා. රංගනයේ දී දිගු කොණ්ඩයක් තිබීම නිසා එක රාමුවකට කොටු වුණා වගේ හැඟීමක් සමහර අවස්ථාවලදී ඇතිවෙලා තියෙනවා. කොණ්ඩයයි, පෙනුමයි එක්ක මුලදි මට ගොඩක් ගැමි චරිත ලැබුණේ. ඒත් ඒක දුකක් නොවෙයි. මට මේ ලැබිල තියෙන දේ හැමෝටම ලැබෙන්නෙත් නෑ. ඒකෙ වටිනාකම මට සෑහෙන්න දැනෙන්නේ එළියට ගියහම. ඒක අනිත් හැමදේටම වඩා වටිනවා කියලා හිතාගෙන ඉන්නවා.
කොණ්ඩෙ නිසා ඔබට චරිත ලැබීමේ දී අසාධාරණයක් වෙලා නැද්ද? මෙහෙණියකගේ චරිතයක් වගේ ලැබුණොත්?
මුලදි ගැමි චරිතවලට කොටු වුණා තමයි. ඒත් පස්සෙ වෙනස් වෙනස් චරිත ලැබුණා. දැනට නිර්මාණ දෙකක විතර මං මෙහෙණියකගේ චරිතය කරලා තියෙනවා. ඒ මිචෙල් ෆොන්සේකාගේ කිරිකවඩි සහ සුදත්ත තිලක්සිරිගේ රෝද තුනේ මනමාලි නාට්‍යයේ. ඒ කෙටි කාලයකට. ඒත් මුළු කතාව පුරාවටම නම් අමාරු වෙයි. මගේ කොණ්ඩෙ දිග නිසා ලොකු කාලයක් ගතවෙනවා තට්ටය හදන්න. දිනපතා ඒක කරන්න අමාරුයි. දිග කොණ්ඩයක් වහනව කියන්නේ ලොකු වැඩක්. වේශ නිරූපණ ශිල්පියා ගොඩක් අපහසුතාවට පත්වන වැඩක්. ඒ වෙලාවෙත් පැය 4ක් විතර ගියා මගෙ තට්ටය ගන්න.
දිලිනිගේ ක්ෂේත්රයට පිවිසීම ගැන කතා කළොත්?
2008 ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය වුණේ මම. ඊට පස්සෙ තමයි ජානක සිරිවර්ධනගේ පිනි බිංදු කියන නාට්‍යයේ ප්‍රධාන චරිතයට ආරාධනා ලැබුණේ. ඒක තමයි මගේ රංගන ජීවිතේ පටන් ගැන්ම. ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ කප්සුවහස්කල් ටෙලි නාට්‍යයේ පියුමි කියන හෙදියගෙ චරිතය ගොඩක් ජනප්‍රිය වුණා. අදටත් ඒ චරිතය ගැන කතා කරන පිරිසක් ඉන්නවා. මෑත කාලීනව සුමුදු රත්නායකගේ මද්දහන නාට්‍යයේ චරිතයත් ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන ප්‍රදීප් රසාංගගේ හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයේ චේතනා කියන චරිතයටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.
සිනමාවට, වේදිකාවට ඔබේ දායකත්වය මොන වගේ ද?
වේදිකාව කියන්නේ වෙනමම තැනක්. මං හරිම ආසයි වේදිකාවට. 2010 වසරේදී හොඳම සහාය නිළියට සහතික පතක් හිමි වුණා. ඒ සුනිල් චන්ද්‍රසිරිගේ සිහිනවලට පාට දෙන්න වේදිකා නාට්‍යයට. ඊට පස්සේ සුදත්ත තිලක්සිරිගේ දෙබිඩි බ්‍රෝ කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. ඒක ලංකාවේ දර්ශන වාර කිහිපයකින් පස්සේ විදෙස් රටවල ප්‍රදර්ශනය කළා. 2017න් පස්සේ නම් වේදිකාවට සම්බන්ධ වෙන්න බැරි වුණා. සිනමාව පැත්තෙන් ගත්තොත් නම් තාම මං දායකවෙලා තියෙන්නේ නිර්මාණ දෙකකට විතරයි. ටෙලි නාට්‍යය පැත්තට තමයි වැඩි නැඹුරුව. මේ වෙද්දී ටෙලි නිර්මාණ 45කට වැඩි ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා.
දිලිනි හිතන විදිහට සම්මාන කියල දේ රංගන ශිල්පියකු හෝ ශිල්පිනියකට ලැබිය යුතුම දෙයක්ද?
මෙහෙමයි සම්මාන කියන දේ රංගන ශිල්පියකු හෝ ශිල්පිනියකට ධෛර්යයක්. උද්දීපනයක්. ඉන් ලැබෙන්නේ තමන් කළ චරිතය ගැන ඇගයීමක්නේ. 2010 රයිගම් සම්මාන උලෙළේ මං හොඳම නැඟි එන නිළිය වුණා. හොඳම සඳහා නිළිය නිර්දේශ වුණා සිග්නීස් සම්මාන උලෙළේ. ඒ මද්දහන නාට්‍යයට. 2014 රයිගම් සම්මාන උලෙළේ පුරකලනි ටෙලියට කුසලතා සම්මානයක් හිමි වුණා. මං සම්මාන පස්සෙ එලවන්නෙ නම් නෑ. මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරේ මට සම්මානයකටත් වඩා වටිනව.
ළඟදිම මංගල සිහිනය සැබෑ වෙන්න යනවා කියලා ආරංචියි. ඒ ගැනත් කියමුද?
ඔව්, මේ වසරේ මැදදී වගේ විවාහ උත්සවය ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. එයා මේ ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක් නම් නෙවෙයි. එයා වෙන වෘත්තියට නියැළෙන කෙනෙක්. වැඩි විස්තර ඉදිරියේ දී කියන්නම්කෝ.
නාමලී ගමගේ
.jpg)



👍👍👍
ReplyDeletegood
ReplyDeleteakka niymyi
ReplyDelete👍👍
ReplyDelete