මන්දිරය අතහැර දුගී පැලක කූඩු තැනූ සුදු මැණිකේ
රැල්ලට වෙරළ නැතිව බෑ වගේම වෙරළත් බලා ඉන්නෙ කොයි වෙලාවක හරි රැල්ල ඇවිත් සිප ගන්නකන්. රැල්ලයි වෙරළයි එතරම්ම ආදරණීයයි. මේ දිනවල හිරු ටීවී ඔස්සේ විකාශය වන ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලි නාට්‍යෙය් සත්‍යා (සුදු මැණිකේ) සහ ශිවා අතරත් තියෙන්නේ ඒ වගේ ආදරයක්. ඔවුන්ගේ සමාජ පන්තිය හරියට අහසට පොළොව වගේ. සත්‍යාට හැමෝම ආදරයට අමතන්නේ සුදු මැණිකේ කියලා. ඇය සල්ලිකාර වීරවර්ධන මුදලාලිගේ එකම දුව. සැප සම්පත්වලින් පිරි සුඛෝපභෝගී දිවියකට හිමිකම් කියන ඇය පෙමින් බැඳෙන්නේ දුප්පත් ධීවර තරුණයකු වන ශිවා සමඟින්. මේ දිනවල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන සුදු මැණිකේ චරිතයට පණ පොවන්නේ දක්ෂ සුරූපී නිළියක් වන අමන්දා ජයරත්නයි. ඇයත් සුදු මැණිකේ වගේම මවුපිය සෙවණේ උණුසුම ලබන පවුලේ එකම දරුවා.
“ සීදුව රද්දොළුගම තමයි මගේ ගම. මූලික අධ්‍යාපනය හැදෑරුවේ වත්තල OKI ජාත්‍යන්තර පාසලෙන්. උසස් අධ්‍යාපනය සඳහා ICBT සරසවියට ඇතුළත් වුණා. මං දැන් උපාධිධාරිණියක්.
මම ක්ෂේත්‍රයට පිවිසුණේ ලලිත් වසන්ත නිෂ්පාදනය කළ නීලපබළු ටෙලි නාට්‍යයේ මොනිකා නමැති සුපර් මොඩ්ල් චරිතයෙන්. වෘත්තීය මට්ටමින් නිරූපිකාවක් නොවුණත් විනෝදාංශයක් ලෙස නිරූපණයේ යෙදී තිබීම මේ චරිතයට මා සුදුසුකම් ලබන්නට හේතුවක් වෙන්න ඇති. අමන්දා ජයරත්න කියන කෙනාගේ රංගන ප්‍රභවය නීලපබළු කීවොත් නිවැරැදියි. “
අවුරුදු 17 දී නීලපබළුහි මොනිකා ලෙසින් රංගන දිවියට අඩිතාලම දැමූවත් අවුරුදු 3ක් තරම් ළමා වියේ දී වෙළෙඳ දැන්වීමක් හරහා තමයි ඇය ක්ෂේත්‍රයට පිවිස තියෙන්නේ. ඇය ඒ තැබූ මං සලකුණ අද වන විට පැහැදිලි මාවතක් වී ඇතුවාට නම් සැකයක් නැහැ.
“ අවුරුදු 17 දී කලා ක්ෂේත්‍රයට පිවිසියත් මේ අවුරුදු 5 තුළම මං ආවේ හරිම හෙමින් ගමනක්. ඒ මට ගැළපෙන චරිත තෝරා බේරා ගනිමින්. ඒ කාලය තුළ මට ලැබුණෙ හොඳම නිර්මාණ. ක්වීන්, ඉත්තෝ, තෝඩු, සිඳු, තාදි ඒ අතර විශේෂයි. මේ හැම චරිතයක්ම මම ගොඩක් උනන්දුවෙන් කැපවීමෙන් කළා. හැම වෙලේම මගේ ඉලක්කය වුණේ හොඳම රංගනය ඉදිරිපත් කරන්න. ක්වීන් ටෙලි නාට්‍ය යේ මිනී පෙට්ටියක ඉන්න දර්ශනයකුත් කරන්න සිදු වුණා. දෙවරක් නොසිතාම මගේ චරිතයට අදාළ දේ මං කළා.
රැල්ල වෙරළට ආදරෙයිහි සුදුමැණිකේ බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන චරිතයක්. බාල, මහලු වයස් භේදයක් නැතුව හැමෝම මට කතා කරන්නේ සුදු මැණිකේ කියලා. මේ ටෙලි නාට්‍ය හරිම Imotional එකක්. ඒ වගේම ආදරේ දෝරෙ ගලන කතාවක්. ගොඩක් feel වෙන වෙනස්ම රිදම් එකකට වුණු නිර්මාණයක්. නිවන්ත ප්‍රසාරන තමයි මෙහි අධ්‍යක්ෂ. එයාගෙන් වගේම රන්දික ඇතුළු ටෙලි නාට්‍ය කණ්ඩායමෙන්ම ලැබුණු සහයෝගයෙන් තමයි මේ චරිතය සාර්ථක ව කළේ. මොකද මගේ සුදුමැණිකෙ මේ හැමෝ එක්කම Paly වෙන චරිතයක්.”
සුදු මැණිකෙ කියන්නේ ආදරේ ප්‍රතිමූර්තියක්. අමන්දා වගේ අහිංසක සුරූපිනියකට ආදර ඇරයුම් ආවෙ නෑ කියනව නම් ඒක බොරුවක්.
“ ප්‍රපෝසල් නම් ඕනම කෙනෙකුට එනවනේ. ඒත් මගේ ඔළුවෙ තාම තියෙන්නෙ Campus එකේ වැඩයි, රඟපෑමයි විතරයි. ආදරය කියන්නෙ සුන්දර දෙයක්. ඒක සුන්දර වෙන්න නම් අපිට හරි කෙනා හම්බ වෙන්න ඕන. වැරදි කෙනෙක් හම්බ වුණොත් ඒ ආදරේ විඳින්න බෑ. හැබැයි ආදරේ හරියට පරිස්සම් කරගන්න ඕන. මොකද ආදරේ හරිම උතුම් පිරිසුදු දෙයක්. මට ආදරේ ගැන දැනෙන්නෙ ඒ වගේ හැඟීමක්. සමහර යූටියුබ් නාළිකාවල මං කියපු නැති දේවල් පවා දාලා තිබුණා. මං ඒව රිපෝට් කළා ”
නිවුණු, නිහඬ චරිතයක් ලෙස කවුරුත් හඳුනා ගත් අමන්දා වැඩි ප්‍රියතාවක් දක්වන්නේ නිවසේ රැඳී ඉන්නයි. ඇය වැඩිම ප්‍රියතාවක් දක්වන්නේ නර්තනයට. සිංදු ඇසීම වගේම Nowel කියවීමත් ඇගේ විනෝදාංශ අතර විශේෂයි. කොතරම් නිහඬ චරිතයක් වුවත් හරි දේට හරි කියන්නත් වැරදි දේ වෙනුවෙන් කතා කරන්නත් ඇය පැකිලෙන්නේ නෑ කියන එක නම් ඇගේ සමීපතමයන් හොඳින්ම දන්නා කරුණක්. ඉදිරියේ දී නිර්මාණ කිහිපයකටම ඇරයුම් ලබා සිටින ඇයට සිනමාව තවමත් නුහුරු තැනක් වුණේ ඇයට ගැළපෙන චරිතයක් තාමත් හමු නොවුණ නිසායි. හොඳම නිළිය වීමේ සිහින ඉලක්කය වෙත යෑමට බොහෝ කැපවී වැඩ කරන ඇය තමාට ලැබෙන හැම නිර්මාණයක්ම හොඳම නිර්මාණය කර ගැනීමට වෙර දරන්නියක්.
“අවුරුදු පහක් තිස්සේම මං ආවේ හෙමින් ගමනක්. ඒ අතරේ මට ලැබුණ හැම නිර්මාණයක් ම හොඳම නිර්මාණ. මගේ එකම අධිෂ්ඨානය හොඳම නිළිය වීම. ඒ සඳහා මං මහන්සි වෙලා වැඩ කරනවා. මේ ආව වගේම තව අවුරුදු 5ක් ගිහින් හරි ඒ ඉලක්කයට යෑම තමයි මගේ අරමුණ.
නාමලී ගමගේ




actractive article
ReplyDeletemaru
ReplyDelete