බොඳ මීදුම් නවකතාවේ සංසලා ගැනයි මේ මතකය
දිගු කලක් තිස්සේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශය වන දෙවනි ඉනිමේ දෙව්මිගේ මව මෙන්ම රැල්ල වෙරළට ආදරෙයිහි යෙනුකිගේ මව ද ඇයයි. හිරිමල් වියේ පසුවන සුරූපී දියණියකගේ මවගේ රුවට ඔබින සුරූපී බව ඇය සතු වීම මෙවන් චරිත සඳහා ආරාධනා ලැබීමට හේතුවක් වූවා නිසැකය. දිගු කාලයක් තිස්සේ රංගන ක්ෂේත්රයේ දස්කම් දක්වන ඇය දක්ෂ, සුරූපී රංගන ශිල්පිනී අංජලී ලියනගේය.
“මේ දවස්වල මං දායක වුණු ටෙලි නාට්‍යය කිහිපයක්ම විකාශය වෙනවා. ප්‍රදීප් රසාංගගේ හිත ළඟ හිනැහුණා, නිවන්ත ප්‍රසාරගේ රැල්ල වෙරළට ආදරෙයි, චන්දික විජේසිංහගේ ගඟන පියවර වගේම දෙවනි ඉනිමත් විකාශය වෙනවා. දෙවනි ඉනිමේ අනූෂා කියන චරිතයට අදටත් බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම හිත ළඟ හිනැහුණා එකේ ලාලනීගේ චරිතයත් ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන චරිතයක්. ගඟන පියවර නාට්‍යයේ ඇමැති බිරියකගේ චරිතයක්. මේ හැම චරිතයක්ම ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගැනීම ලොකු සතුටක්.”
වසර ගණනාවක් පුරාම එකසේ ජනප්‍රියත්වය රඳවාගෙන සිටින ඇයට ක්ෂේත්රයට පිවිසීමට අවස්ථාව සැලසුණේ ඇගේ රූසපුව බවයි ඇය පැවසුවේ.
“පාසල් වේදිකාව
මට නුහුරු තැනක් නෙවෙයි. ඒ හරහා තමයි මට කලාවට පිවිසීමේ භාග්‍ය උදාවුණේ. පාසල්
වේදිකාවේ මගේ රංගන කුසලතා දැකලා සුජීව ප්‍රසන්න ආරච්චිගේ බොඳ මීදුම් නවකතා පොතේ
පිට කවරය මගේ රුවින් සරසන්න වාසනාව ලැබුණේ. ඒක තමයි මගේ රංගනට ඇරයුම්පත වුණේ. ඒ
දවස්වල මිනිසුන්ගේ පිස්සුවක් වෙලා තිබුණේ බොඳ මීදුම් නවකතාව. ඒ වගේ නවකතාවක පිට
කවරය මගේ රුවින් හැඩවෙනවා කියන්නේ ඇත්තටම මට හිතාගන්නත් බෑ. බොඳ මීදුම් නවකතාවේ සංසලා
තමයි මගේ අනන්‍යතාව වුණේ. ඒක ජීවමාන චරිතයක් නොවුණත් ඒ හඳුනාගැනීම තමයි මගේ රංගන
ජීවිතේ අඩිතාලම වුණා.
ඊට ටික කාලෙකට පස්සේ මාලනී ෆොන්සේකා මහත්මියගේ දෝණී ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ප්‍රධාන චරිතයක් නොවුණත් ඒක මගේ ජීවිතේ අමතක නොවන චරිතයක්. හෙළ සිනමාවේ නිළි රැජන එක්ක කුළුඳුල් රංගනට අවස්ථාව ලැබීමම කොතරම් වාසනාවක් ද? එතුමියගෙන් නීතිය ඉගෙනගන්න නීති සිසුවියකගේ චරිතය ඒකෙ කළේ. එතුමියගේ වාසනා ගුණයෙන් බිඳක් හෝ ගෑවිච්ච නිසා වෙන්න ඇති මටත් මේ වෙනකල් රංගන ක්ෂේත්රය තුළ රැඳිලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ.”
රිදී තිරයට ලබාදුන් ඇගේ දායකත්වය ගැන අංජලී සඳහන් කළේ මෙවැන්නක්.
“චිත්‍රපට විශාල ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ජැක්සන් ඇන්තනීගේ ඇඩ්රස් නෑ චිත්‍රපටයට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. ඒක පොඩි චරිතයක් වුණත් ප්‍රවීණයන්ගෙන් ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. ජැක්සන් ඇන්තනී මහත්මයාම මට කීවා ඔයා ඒක හොඳට කළා කියලා. ඒක තමයි මට ලැබුණ සම්මානය. ඒක මට ගොඩක් වටිනවා. එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා. ඊට පස්සේ ආදරණීය කතාවක්, ලලිත් රෝහිත එදිරිසිංහගේ තට්ටු දෙකේ ස්කෝලේට සම්බන්ධ වුණේ ඊටත් පස්සේ. ඒක තාම ලංකාවේ තිරගත වුණේ නැහැ.”
තවමත් තාරුණ්‍යයේ පසුවන ඇයට දැන් වැඩිපුරම ලැබෙන්නේ මවගේ චරිතලු. ඒ පිළිබඳ ඇය දැක්වූවේ මෙවන් අදහසක්.
“හිරිමල් වියේ පසුවන දියණියන්ගේ මවගේ චරිතය දැනට අවස්ථා දෙකකදී මට ලැබුණා. ඒකට මං කැමතියි. ඒ හැඟීම මට අමුත්තක් නෙවෙයි. මටත් ඉන්නව අවුරුදු 17ක දියණියක්. ඒ ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. මං විවාහ වුණේ අවුරුදු 18න්. එකම චරිතයකට කොටුනොවී වෙනස් චරිත කරන්න මං කැමතියි. විශේෂයෙන්ම ගැමි චරිතවලට ගොඩක් ආසයි.”
ආදරය ඇයට ආගන්තුක දෙයක් නොවේ. අදටත් විඳින ඒ සුන්දර ආදරය ගැන ඇයට තියෙන්නේ මෙවන් අදහසක්.
“ අපි කාට ආදරේ කළත් කොතැන නැවතුණත් අපට ජීවිතේ ලැබෙන්න ඕන කෙනා කොහොම හරි, කොහේදි හරි ලැබෙනවා. අපි නවතින ඒ ආදරේ ළඟ හිත නිවෙනවා. ආදරේ කියන්නේ දෙන්නෙක් මුලින්ම දැක්ක ගමන් ඇති වෙන හැඟීමම නෙවෙයි. දෙන්නගෙ අදහස්, සිතුම් පැතුම්, පවුල් පසුබිම මේ ඔක්කොම බලපානවා. ඒ ගැළපීම තමයි ආදරේ සාර්ථකත්වය. මං දැන් මට ලැබුණ හොඳම ආදරෙත් එක්ක ලස්සනට සතුටින් ජීවත් වෙනවා.”
දිගු කාලයක් ක්ෂේත්රය තුළ රැඳුණ කෙනෙක් විදියට, ලද අත්දැකීම් එක්ක අලුතින් ක්ෂේත්රයට එන අයට උපදෙසක් දෙන්නත් අංජලී අමතක කළේ නැහැ.
“අපි මේ ක්ෂේත්රයට එනව නම්, රැඳිල ඉන්න ඕනෙ නම් හරි තැනකින්, නිවැරැදි දේ ඉගෙන ගෙන එන්න ඕන. මේකෙ ඉන්නවා විශ්වවිද්‍යාල වගේ අධ්යක්ෂවරු. ඔවුන්ගෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්. රංග තලයට ගියාම ඒ ඒ චරිතයට අදාළව ඒ ඒ අංශයන් කෙරෙහි විශිෂ්ටයන් ඉන්නවා. අපි ඔවුන්ට අවනත වෙන්න ඕන. මොකද ඔවුන් තමයි චරිතයට අවශ්‍ය දේ හරියටම දන්නේ. අලුතින් ක්ෂේත්රයට සම්බන්ධ වුණු ගොඩක් අය එක්ක මං වැඩ කරලා තියෙනවා. තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම ප්‍රවීණයන්ට ගරු කරන්න. හරි වෙලාවට වැඩ කරන්නත් ඉගෙන ගන්න ඕන. එහෙම නැතුව වෘත්තීය මට්ටමේ රංගන ශිල්පියෙක් වෙන්න බෑ.”
නාමලී ගමගේ




mmmm
ReplyDelete