දුලාන්ගේ සෙනෙහසට ඉඟිපාන අනගිගේ සැබෑ හිමිකරුවා ඔහුයි
සිහිනයක් මැවුණාකාලයක් ගෙවුණා
දැස් යුග තෙමුණා
ආදරේ දැනුණාඒ මේ දිනවල බොහෝ සේ ජනප්‍රිය ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ තේමා ගීතය. අනගි කාලයක් තිස්සේම සිහින මැව්වේ දුලාන්ගේ ආදරේ ළඟ නවතින්න. තවමත් කියාගන්න බැරි ආදරය අනගිට සිහිනයක් වුණාට අනගිගේ චරිතයට පණ පොවන හිරුෂිගේ ආදරය පසුගියදා සැබෑ වුණා. ඇය අත ගත් ඔහු තීක්ෂණ මනරම්. සංගීතේ, දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යවල සම අධ්‍යක්ෂවරයා ද ඔහුය. ඔවුන් දුටු සිහිනයේ සොඳුරුම තැන් ගැන කතා කිරීමේ අදහසින් මෙවර ඔවුන් අපේ කතාබහට එක්කර ගත්තා.
හිරුෂි හොර රහසේම මනාලියක් වුණා කියලා ආරංචියි. කොහොමද ඒ දේවල් සිද්ද වුණේ?
ඔව්. ගිය අවුරුද්දේ දෙසැම්බර්වල තමයි අපි තීරණය කළේ විවාහ වෙන්න ඕන කියලා. ඒක හදිසියේ ම ගත්ත තීරණයක් නිසා ගොඩක් අය දැනන් හිටියෙ නෑ. එයා තීක්ෂණ මනරම් බණ්ඩාර. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. මීට අවුරුදු 3කට කලින් තමයි අපි දෙන්නා හමුවෙන්නේ. ඒ දෙවෙනි ඉනිම නාට්‍ය රූගත කිරීම්වලදී. ඊට පස්සේ මට ආරාධනාවක් ලැබුණා දවස් 5ක ටෙලි නාට්‍යයක් සඳහා. එතනදි තමයි අපි දෙන්නා කතාබහ කරලා හඳුනාගත්තේ. ෆීල්ඩ් එකට එන්න කලින් අපි දෙන්නම ටුවරිසම් ඉගෙන ගත්තා. එතනදි දැකලා කතාබහ කරලා තිබුණා. ඒ ගැන මතකය අවදි වුණේ මේ නාට්‍යයට සම්බන්ධ වීමත් එක්ක. ඊට පස්සේ තමයි අපේ ආදර කතාවට මුල පිරෙන්නේ. මං කවදහරි අම්මයි තාත්තයි කැමති කෙනෙක් එක්ක විවාහ වෙනවා කියන තීරණයේ හිටියේ. ඒ වගේම එයා මගේ දේවල්වලට ඉඩ දෙන, මාව තේරුම් ගත්ත කෙනෙක් වෙන්නත් ඕන. ඒ නිසා මං කිව්වා අම්මගෙන් අහන්න කියලා. අම්මගේ පර්මිෂන් නැතුව අපිට කතා කරන්න මුණගැහෙන්න බෑනේ. අම්ම කිව්වා ආශ්‍රය කරලා බලන්න කියලා. අපි අවුරුදු එකහමාරක් විතර ආශ්‍රය කළා. ඊට පස්සේ අපිට තේරුණා අපි දෙන්නගේ අදහස් ගැළපෙනවා කියලා. සමහර තැන් ගැළපුනේ නැතත් අපි ඒවා ගළපා ගත්තා. අපි දෙන්නා තීරණය කළා අපි දෙන්නට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි තීරණය කළේ විවාහ වෙන්න.
ගෙදරින් කැමැත්ත තිබිලත් ඇයි හදිසියේ ම විවාහ වෙන්න තීරණය කළේ?
ගිය අවුරුද්දේ දෙසැම්බර්වල අපි දෙන්නට හිතුණා දැන් විවාහ වෙන්න ඕන කියලා. මේ අවුරුද්දේ මැයි හෝ ජුනිවල විතර වෙඩින් එක ගන්නයි හිතන් හිටියේ. අපි දෙන්නගේ වෙලාවල් බැලුවම තිබුණේ මේ අවුරුද්දට නැකැත් දෙකයි. එකක් ජනවාරි අනික පෙබරවාරි. ඉතින් අපි පෙබරවාරි ගන්න තීරණය කළා. ඉතාම කෙටි කාලෙකින් අපි දෙන්න වෙඩින් එක ප්ලෑන් කළේ. ඒත් හිතුවටත් වඩා ලස්සනට වැඩේ කෙරුණා. ඒ හැම දේම ලස්සනට ප්ලෑන් කරගන්න අපිට උදවු වුණේ අශාන් සිල්වා අයියා. ඒ වගේම අපිට උදවු කළ බොහෝ පිරිසක් හිටියා. ෆොටෝග්‍රැපි කළේ ධනුක අයියා ප්‍රමුඛ ඩාර්ක් රූම් කණ්ඩායම. ෆී ෂූට් එක ගොඩක් වයිරල් වුණා. ෆී ෂූට් එකට මට අදහස් දෙකක් තිබුණා. එකක් උඩරට මැණිකේ කෙනෙක් විදිහට වලව්වක, අනික නිදහසේ බීච් එකක. මගේ වගේම ධනුක අයියගෙත් කැමැත්ත වුණේ වලව්වට. ඒක හරිම ලස්සනට තිබුණා. පස්යාල පැත්තෙ වලව්වක් අපි තෝරගත්තේ. ලොකේෂන් එක අපිට ලැබුණේ පැය 3කට. ඒත් පැය 4ක් තිස්සේ අපි නොනවත්වා ෆොටෝ ගත්තා. ගොයින් අවේ හරිම සිම්පල් විදිහට ගත්තේ. ග්රූම් ආර්ට් සඳුන්, ග්ලෝ ෂූ , ශිරන්ත පියුමාල්, මගේ අදහස්වලට ඉඩ දීලා මාව ලස්සන මනාලියක් කළ සංජීවනී වික්‍රමසිංහ අක්කා, වෙඩින් සාරි එක කළ කණිෂ්ක සඟබෝ, සැලෝන් ලියෝ මේ හැමෝම ලොකු සහායක් දුන්නා. මං මගේ වෙඩින් ඩ්‍රෙස් එක දැක්කෙත් වෙඩින් එකට දවස් 2කට කලින්.
වෙඩින් එක තිබ්බේ පෙබරවාරි 23 වැනිදා. දෙවනි
මනාලයාට හිටියේ මනෝජ් දේවගේ. ඒකත් රසබර අත්දැකීමක් වුණා. එයා වෙඩින් එකට දවස්
දෙකකට කලින් රට ගියා. එයා කිව්වා 23 උදේ 3.30 වෙද්දි සැලොන් ලියෝ එකට එනව කියලා.
කලින් දවසේ රෑ කියනවා ප්ලයිට් එක ඩිලේ, ලංකාවට එද්දි 4.30 වෙයි කියලා. ඉතින්
කටුනායක ඉඳන් ලියෝ එකට එන්නත් පැය එකහමාරක් විතර යනවා. කොණ්ඩෙ හදන්නත් විනාඩි 45ක්
විතර යනවා. දැන් ඉතින් අපි දෙන්න කල්පනා කර කර ඉන්නවා. උදේ 5ටත් නෑ. තීක්ෂණ
අයියලගේ ෂූට් එකත් පටන් අරන්. එයා මට මැසේජ් දානවා තාම නෑ මොකද කරන්නේ කියල. මං
කිව්වා එයා එනව කිව්වනේ බයවෙන්න එපා එයා එයි කියලා. ඒත් මාත් බයෙන් හිටියේ එයා
එයිද කියලා. වෙන කෙනෙක් හොයන්නත් වෙලා නෑ. අපි ෆොටෝ ලොකේෂන් එකටත් ගිහින් එයාට ගත්තා. ෆෝන් වැඩ නෑ. අපේ ෆොටෝත් අරන්, මේඩ්ස්ලගෙ
ඒවත් අරන්. කොහොමහරි අන්තිමට ආවා. මහන්සි නොබලා අපේ වැඩේට උදවු වුණා. අපේ අම්මලවත්
මේ කිසි දෙයක් කලින් දැකලා තිබුණෙ නෑ. හෝල් එක විතරක් අම්මට පෙන්නුවා. වැඩේ ලස්සන
දැකලා අම්මලත් සර්ෆ්‍රයිස් වුණා. ලවන්ගේ බෑන්ඩ් එක වගේම චානක අයියගේ ඩීජේ එක සංගීතයෙන්
රසවත් කළා. ඒ වගේම ආර්ටිස්ලා රැසක් සහභාගි වුණා. මේ හැමෝටම ස්තුතියි. අපි දෙන්නට මේක තාම හීනයක් වගේ. ෂූටින් දවස්
එහෙ මෙහෙ කරලා වැඩකරගන්න නිවාඩු ගන්න ඉස්කෝලේ අධ්‍යක්ෂවරයා ලොකු සහායක් දුන්නා.තවත් හරි අපූරු දෙයක් වුණා. අපිට වෙඩින් එකට තීම් කලර් එකක් තිබුණෙ නෑ. හැමෝම අහනව තීම් කලර් එක මොකක්ද කියලා. අපිට ඒ ගැන අයිඩියා එකක් තිබුණෙම නෑ. අපිට ඕන වුණේ කොහොමහරි වෙඩින් එක ගන්න. මගේ ගොයින් අවේ එකේ ගවුම නිර්මාණය කළේ යූ ආර් බ්‍රයිඩ්ල් එකේ වාසනා අක්කා. එයා මට ලස්සන ෆොටෝ වගයක් එවල තිබුණා. ඒකෙ මැජෙන්ටා කලර් ගවුමක් තිබුණා. ඒකට මගේ හිත ගියා. මං එයාට යැව්වා මේ ඩිසයින් එකටයි, කලර් එකටයි දෙකටම මං කැමතියි කියලා. ඊට පස්සේ මේඩ්ස්ලටත් පින්ක් කලර් සිලෙක්ට් කළා. කොහොමහරි හෝල් එකේ ඩෙකරේෂන්වල මට හිතුණා වයිට් කලර් ෆ්ලවර්ස් එක්ක පීච් කලර් ෆ්ලවර්ස් මික්ස් කරන්න. නොදැනුවත්වම මේ ඔක්කොම මගේ වෙඩින් ඩ්‍රෙස් එකටත් මැච් වුණා. අපේ තීම් කලර් එක ඉබේම හැදුණා. ඒ වගේ අපි හිතන්නැති දේවල් ගොඩක් එතන සිද්ද වුණා. ඇත්තටම සතුටුයි. එතනදි තමයි අපේ ෆී ෂූට් එක දැක්කේ. හරිම ලස්සනයි. ඇත්තම කිව්වොත් ඒක දැකලා මට ඇඬුණා. ඒ තරම් ඒක ලස්සනට තිබුණා. ඔන්න ඔහොමයි ඉතාම කෙටි කාලෙකින් අපි දෙන්නගේ ඒ සිහිනය සැබෑ වුණේ.
එකම ක්ෂේත්‍රයේ කෙනෙක් සහකරුවා වීම ගැන හිරුෂිට මොකද හිතෙන්නේ?
මං තාම ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. මේ ක්ෂේත්‍රයේ සමහර තැන්, සමහර දේවල් තියෙනවා අපිට තේරෙන්නැති. සමහර පුද්ගලයන් ඉන්නවා කොතරම් ඇසුරු කළත් තේරුම් ගන්න බැරි. එයා මේ ක්ෂේත්‍රය තුළ අත්දැකීම් බහුල පළපුරුදු කෙනෙක්. එයා මේ ක්ෂේත්‍රයේ ඉන්න එක මට ලොකු සහායක්.
හිරුෂිගේ ආදරණීය සහකරුවා තීක්ෂණ මනරම් බණ්ඩාරවත් අපි අපේ කතාබහට එක්කර ගත්තා.
හිරුෂි වගේ සුරූපී නිළියක් සහකාරිය වීම ගැන මොකද හිතෙන්නේ, ඇගේ ලස්සනට ද තීක්ෂණගෙ හිත ගියේ?
ලස්සනටත් වඩා එයාගේ අහිංසකකමට වගේම ගතිගුණවලට තමයි හිත ගියේ. ඒ වගේ කෙනෙක් ලැබීම ගැන ගොඩක් සතුටුයි. මාව තේරුම් ගත්ත කෙනෙක් නිසා මගේ වැඩවලටත් පහසුයි.
නිළියක් සහකාරිය කරගන්න අහද්දි ගෙදරින් විරුද්ධත්වයක් ආවෙ නැද්ද?
ගෙදරින් මට කරදරේ බඳින්නෙ නැද්ද අහලා. කොහොමත් මං හිතාගෙන හිටියේ අම්මලා හොයල දෙන කෙනෙක් බඳිනවා කියලා. අපි දෙන්නා දැනහඳුනාගෙන කතාබහ කරලා තේරුම් ගත්තා. ගැළපෙනවා කියලා හිතුවා. මගේ කැමැත්තට ගෙදරින් ඉඩ දුන්නා. අම්මා හරිම ආදරෙයි හිරුෂිට.
කලා ක්ෂේත්‍රය කියන්නේ බොහෝ කටකතා හැදෙන තැනක්. හිරුෂි සුරූපී නිළියක් නිසා හිතුණෙ නැද්ද වෙනස් වෙයි කියලා?
එහෙම බයක් නම් හිතුණෙ නෑ. මොකද මාත් කාලයක් තිස්සේ මේ ෆීල්ඩ් එකේ ඉන්නේ. හැමෝම මාව දන්නවා. මෙයා කවුද කියලත් දන්නවා. හිරුෂි දක්ෂ කෙනෙක්. ඉතින් මං කැමතියි හොඳ නිර්මාණවලින් එයාගෙ දක්ෂතාව පෙන්නලා ඉදිරියට යනවට. අනික මේක එකිනෙකාගේ අවබෝධය මත වෙන වැඩක්. ජීවිතය තේරුම් ගැනීම සහ විශ්වාසය මත ගොඩනැඟෙන දෙයක්. මං හිරුෂිව ගොඩක් විශ්වාස කරනවා. මං හිතනවා එයා ඒ විශ්වාසය රකීවි කියලා.
තීක්ෂණ මනරම් බණ්ඩාර කියන්නෙත් ජනප්‍රිය ටෙලි නාට්‍ය අධක්ෂවරයෙක්. ඒ ගැනත් කතා කළේ නැතොත් අඩුවක් වේවි නේද?
ඔව්. සංගීතේ සහ දෙවෙනි ඉනිම සම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. සාරංග අයියා මේ දවස්වල එයාගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වෙලා ඉන්නේ. ඒ නිසා මං තමයි ඒ නාට්‍ය දෙක ගැන බලන්නේ. දෙවෙනි ඉනිම අවසන් වීමට ආසන්නව තියෙන්නේ. අවුරුදු 6කට ආසන්න කාලයක් නොයෙක් හැලහැප්පීම් මැද මෙතෙක් කල් ගෙන ආ නිර්මාණය හොඳ විදිහකට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තවත් වැඩ කිහිපයක් සඳහා සූදානම් වෙමින් ඉන්නවා. ඉදිරියේ දී ඒවා දකින්න ලැබේවි.
නාමලී ගමගේ




ලස්සනයි ❤️
ReplyDeleteMorin
ReplyDelete