රියැලිටි කලාවට නව අරුතක් එක් කළ ඇය ගැනයි මේ කතාව
මා සොයන ආදරය
කොහෙදෝ තියෙන්නේ
මා පතන ජීවිතය
කවදද ලැබෙන්නේ
නුවන්දිකා මෙහෙම අහන්නේ පසුගිය දවස්වල බොහෝ ජනප්‍රිය වුණු ස්කෝලේ ටෙලි නාට්‍යයේ තේමා ගීතයේ දී. ඔන්න ඇගේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් ලැබිලා තිබුණා පසුගියදා පැවති ඇගේ විවාහ මංගලෝත්සවයේදී. නුවන්දිකා සේනාරත්න කියන්නේ සංගීතය සහජයෙන්ම රැගෙන ආ යුවතියක්. දෙරණ ඩ්‍රීම් ස්ටාර් රියැලිටි වැඩසටහනේ තරුවක් වූ ඇය වඩාත් ජනප්‍රිය වුණේ ඉස්කෝලේ ටෙලි නිර්මාණයේ තේමා ගීතයෙන්. අද ඇය අපේ කතාබහට එක්කර ගත්තේ ඇගේ ඇලුත්ම තොරතුරු විමසීමේ අදහසින්.
නුවන්දිකාටත් මංගල සීනු හැඬවුණා කියලා ආරංචියි. අපිත් කැමතියි ඒ ගැන දැනගන්න?
ඔව් එයාගෙ නම ජයංග කෞෂල්‍ය. වෘත්තියෙන් සොෆ්ට් වෙයාර් ඉංජිනියර් කෙනෙක්. අවුරුදු දෙකක ප්‍රේමයකින් පස්සේ පසුගියදා අපි විවාහ වුණා.
වෙනස්ම ක්ෂේත්‍ර දෙකක්. කොහොමද ඒ හමුවීම ?
එයා මාව මුලින්ම දැකලා තිබුණේ ටිවී එකේ සින්දු කියද්දී. ඊට පස්සේ ෆේස්බුක් එකෙන් මාව කන්ටැක්ට් කරගන්න ට්‍රයි කරලා තියෙනවා. ඒ දවස්වල මං රියැලිටි කම්පෙටිෂන් එක ඉවර කරලා නිදහසේ යාළුවොත් එක්ක හිටිය කාලේ. එයා මට තුන් වතාවක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාල තිබුණා. තුන් වැනි පාර තමයි මං ඇක්සෙප්ට් කළේ. ඊට පස්සෙ චැට් කළා. මාස 6ක් 7ක් විතර එයා දාපු මැසේජ් මං බලලා තිබ්බෙ නැහැ. මගේ වෙබ් සයිට් එකක් හදල දෙන්න පුළුවන් කියලා මැසේජ් එකක් එවලා තිබුණා. ඒක උදවුවක්නේ කියලා මාත් ඉතින් ස්තුති කරලා දැම්මා. ඊට පස්සේ ආයිම මං මැසේජ් කළේ නෑ. පස්සේ එයා මගේ ඊමේල් එකේ ඩොමේන් එක අරන් වෙබ් සයිට් එකක් හදලා මට එව්වා. සාමාන්‍යයෙන් සමහරු ඩොමේන් අරන් ලොකු ගණන්වලට දෙන්න බලාගෙන ඉන්නවනේ. මං හිතුව මෙයත් එහෙම කෙනෙක් කියලා. ඒකට නම් මට තරහා ගිහින් මැසේජ් එකක් දැම්මා මගෙ ඩොමේන් එක මට ඕන කියලා. එයා කියලා තිබුණා. මං ඒක ගත්තේ වෙන දේකට නොවෙයි, වෙබ් සයිට් එකක් හදන්න කියලා. එහෙම තමයි කතාබහ පටන් ගත්තේ.
පස්සේ මගේ උපන්දිනේට කලින් දවසේ එයා එයාගේ අයියත් එක්ක අපේ ගෙදර හොයාගෙන ඇවිත් තිබුණා. එදා මං කොළඹ ප්‍රෝග්‍රෑම් එකක හිටියේ. කොහොමහරි මං නැති බව දැනගෙන ආයිම මං ඉන්න තැන හොයාගෙන කොළඹ ආවා. එදා තමයි මං එයාව මුලින්ම දැක්කේ. එදා හිතුණා මේ තමයි මං හොයපු රූපෙ කියලා. මුලින්ම අපි දකින්නේ රූපෙනේ. මං බලාපොරොත්තු වුණ විදිහ ඒක තමයි. මාස 2ක් විතර ඔහොම කතාකළා. හමුවුණා. කොහොම කෙනෙක්ද කියලා අඳුනගත්තා. දන්නෙම නැතුව ඒක ආදරයක් බවට පත්වුණා. අවුරුදු දෙකකට පස්සේ අපි විවාහ වුණා.
නුවන්දිකා දෙරණ ඩ්‍රීම් ස්ටාර් නිසා ද කලා ක්ෂේත්රය හඳුනගන්නේ?
නැහැ. මං කොහොමත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය හැදෑරුවා. ඒ නිසා සංගීත ක්ෂේත්රයේ හිටියා. මං විසිටින් ලෙක්චර්ස් කරනවා. මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණේ මේ රියැලිටි වැඩසටහන නිසා. දෙරණ ඩ්‍රීම් ස්ටාර් 9 වැනි සීසන් එකේ අනුශූරතාව හිමි වුණා.
ඔබ තරග වැදුණු ඒ රියැලිටි වේදිකාවේම දැන් ඔබට තරගකරුවන් විනිශ්චය කිරීමේ අවස්ථාව ලැබිලා. මොකක්ද ඒ ගැන හිතෙන්නේ?
දෙරණ ජයග්‍රාහකයෝ කවදාවත් අතාරින්නෑ. ඒ ගැන මතක් කරන්නම ඕන. දෙරණ ලිට්ල් ටයිට්න් වැඩසටහන තමයි මට ඒ අවස්ථාව ලබාදුන්නේ. පොඩි අයගෙ අඩුපාඩු පෙන්නලා දුන්නම එයාල ඊළඟ දවසේ ඒවා හදාගෙන ඇවිත් දක්ෂතා පෙන්නද්දි අපිට හරිම සතුටුයි. ඒක ගොඩක් වටිනවා. විශ්වවිද්‍යාලයේ, සමහර ස්කෝලවල තරගවල විනිශ්චය ලබාදෙන්න ගිහින් තිබුණට ටීවී ස්ක්‍රීන් එකක ජැජ් බෝඩ් එකක හිටියේ පළවෙනි වතාවට. ඒක වෙනස්ම අත්දැකීමක්.
‘සිහිනයක් මැවුණා‘ කියන ඉස්කෝලේ තේමා ගීතය නුවන්දිකාගේ සංගීත ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණා කිව්වොත්?
ඇත්තටම ඔව්. දෙරණ උපසභාපති ලක්සිරි සර් තමයි මට ඒ සඳහා ආරාධනා කළේ. අලුත් නාට්‍යයකට මෙහෙම සින්දුවක් තියෙනවා කියන්න කැමති ද කියලා. මාත් ගොඩක් කැමැත්තෙන් හිටියේ අලුත් ටෙලි නාට්‍යය ගීතයකට. මං පැනලම භාරගත්තා. ලක්සිරි සර්ගේ මැදිහත් වීමෙන් තමයි ඒ සින්දුව හැදුණේ. යනකන්ම මාත් දැනන් හිටියෙ නෑ ඒක තේමා ගීතය කියලා. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. ටෙලි නාට්‍ය ජනප්‍රියත්වයටත් ඒ සින්දුව බලපෑව කිව්වත් හරි. මොකද ඒක යොදාගෙන කවර් සෝන් ගොඩක් කළා. මේ වෙද්දි යූ ටියුබ් එකේ මිලියන 7කට ආසන්න ප්‍රමාණයක් ඒක නරඹලා තියෙනවා. මට ප්‍රසංගවලදී ඉස්කෝලේ සින්දුවයි, මලෙන් උපන් සමනලී එකයි අනිවාර්යයෙන්ම කියන්න වෙනවා.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැන කතා කළොත්?
ෂර්මිලා ධර්මරාසා මහත්මියගේ අලුත් ටෙලි නාට්‍යයක ගීතයක් ගායනා කළා. ඒක එන්න තියෙනවා. ඒ වගේම සෝමරත්න දිසානායක සර්ගේ සිංහබාහු චිත්‍රපටයේ සහ චන්න පෙරේරාගේ සඳ දිය සළු එකේ ගීත ගායනා ඉදිරියට එන්න තියෙනවා. පසුගිය කාලේ කබඩි චිත්‍රපටයේ අමල් පෙරෙරා එක්ක ගායනා කළ සින්දුවත් ගොඩක්ම ෂෙයාර් වුණා. ඒ වගේම තවත් ආරාධනා ලැබිලා තියෙනවා. මගේ හිතේ තියෙන විදිහට විෂුවල් කරලා සින්දුවක් කරගන්න තාම මට බැරි වුණා. බලාපොරොත්තුවක් තියෙනවා ගීත කිහිපයක් එකතු කරලා ඇල්බම් එකක් කරන්න.
නාමලී ගමගේ




Oya thiyenne akke supiriyata
ReplyDeleteGood job akke
ReplyDeleteපුවත් හැඩ කරන අපේ නාමලී අක්කා.❤💕🤗
ReplyDelete❤️🌝
ReplyDeleteනාමලී ගමගේ අක්කී ❤
ReplyDeleteNamali Akki Maru
ReplyDelete