වෙඩි නොවදින ළමයි ඇගේ කුලුඳුල් සිනමා අත්දැකීමයි
මේ දිනවල ප්‍රදර්ශනය වන ‘වෙඩි නොවදින ළමයි‘ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු චිත්‍රපටයකි. ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණු හෝ ගානා පොකුණ චිත්‍රපටයේ අධ්යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩෝගේ නිර්මාණයක් වන මෙය මෙරටට කීර්තියක් අත්කරදුන් සුවිශේෂී සිද්ධියක් වූ ක්‍රිකට් විජයග්‍රහණය මූලික කරගනිමින් සමාජයේ විවිධ පැතිකඩ නියෝජනයන් කරමින් වෙනස්ම මානයක් ගෙන ඒමට ගත් උත්සාහයක් ලෙස හැඳින්විය හැක. එහි බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු තාරුකාගේ චරිතය තුළින් ඔබ හමුවට එන ප්‍රබෝදිනී චන්ද්‍රසේන තම කුලුඳුල් රංගන අත්දැකීම් අප හා බෙදා ගත්තේ මෙලෙසිනි.
ප්රබෝදිනීගෙ කුලුඳුල් රංගනය නේද මේක කොහොමද ලැබෙන ප්‍රතිචාර?
කියන්න සතුටුයි. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ මුල්ම රංගනය නිසා මට මේ ලැබෙන ප්‍රතිචාර ගොඩක් වටිනවා.
වෙඩි නොවදින ළමයි මොන වගේ අන්තර්ගතයකින් නිර්මාණය වුණු එකක් ද?
මේක ළමුන් වෙනුවෙන්ම නිර්මාණය වුණ එකක් විදිහටම ගන්නත් බෑ. මොකද මේක සමාජ පැතිකඩ කිහිපයක්ම නියෝජනය වන නිර්මාණයක්. එහෙම වයස් කාණ්ඩයකට කොටු කරන්න බෑ. අපේ රටට කීර්තියක් ගෙන දුන් ක්‍රිකට් ජයග්‍රහණය මුලික කරගෙන ඒ කාලෙට සාපේක්ෂව අපේ රටේ සිදුවුණු අනුවේදනීය සත්‍ය සිදුවීම් පාදක කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. මේකෙ එන හැම චරිතයක් පිටිපස්සෙම යම්කිසි කතාවක් තියෙනවා. ඒ විදිහට තමයි මේක ගොඩනැඟිලා තියෙන්නේ.
මට ලැබුණේ ඉගෙන ගන්න ළමයකුගේ චරිතයක්. එයාගේ නම තාරුකා. එයා පවුලේ එකම ළමයා. ආදර සම්බන්ධතාවක් හේතුවෙන් එයා එක තැනකදි ගන්න තීරණයත් එක්ක වන හැළහැප්පීම් එක්ක තමයි චරිතය ගොඩනැඟිලා තියෙන්නේ.
ඉන්දික ෆර්ඩිනැන්ඩෝ කියන්නේ ජාත්‍යන්තර සම්මානලාභී අධ්යක්ෂවරයෙක්. ඒ වගේ කෙනකුගේ නිර්මාණයකට දායක වෙන්න ලැබුණ ආකාරය ගැනත් සඳහන් කරමු?
මං විශ්වවිද්‍යායේ ඉගෙන ගන්න කාලෙදි අපේ සර් කෙනෙක් හිටියා නලින් ලුසේනා කියලා. ඒ සර් තමයි මට කිව්වේ මෙහෙම වැඩක් තියෙනවා, ගිහින් බලන්න කියලා. ඊට පස්සේ මං ගිහින් ස්ක්‍රීන් ටෙස්ට් එකට ෆේස් කළා. ඒකෙන් මාව සිලෙක්ට් වෙලා තිබුණා. ඒ ගැන සර් මට කිව්ව වෙලාවේ ලොකු සතුටක් දැනුණා. මං දැනන් හිටියා මේකෙන් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා.
මේක ඔබේ පළමු සිනමා අත්දැකීම. මුලින්ම කැමරාවට මුහුණ දෙද්දි චකිතයක් ඇති වුණේ නැද්ද?
මේක මගේ මුල්ම රංගනය වුණාට මට ලොකු වෙනසක් දැනුණෙ නෑ. මොකද මං විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිද්දි ස්ක්‍රීන් ඇක්ටින් කළා. ඒ නිසා බයක් දැනුණෙ නෑ. ගොඩක්ම තිබුණෙ රාත්‍රී දර්ශන. මේක මගේ පළමු නිර්මාණය වුණ නිසා මේ සියල්ලම මට අත්දැකීමක් වුණා.
ඔබ නවක නිළියක් විදිහට අධ්යක්ෂවරයාගෙන් ලැබුණු සහයෝගය ගැන කතා කළොත්?ඒක නම් කියන්නම ඕන. අධ්යක්ෂවරයාගෙන් උපරිම සහායක් ලැබුණා. මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ විතරක් නොවෙයි ඒ නිර්මාණයට දායක වුණු සියලුම රංගන ශිල්පීන්, ශිල්පිනියන් ඇතුළු මුළු කණ්ඩායමෙන්ම ලොකු සහායක් ලැබුණා. ජයලත් මනෝරත්න, අනුලා බුලත්සිංහල, හේමසිරි ලියනගේ, ගයාදේව එදිරිසිංහ වගේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණා. ඒ වගේම කලණ ගුණසේකර, අනසුයා සුබසිංහ වගේ නව පරපුරේ අයගෙනුත් ලොකු සහායක් ලැබුණා. නවක රංගන ශිල්පිනියක් විදිහට සීන් එකක් ඉවර වුණාට පස්සේ ඊළඟ සීන් එකට යන විදිහ, ඊට පස්සේ චරිතය ගොඩනඟා ගන්න විදිහ ගැන එයාල මාව නිතරම දැනුම්වත් කළා.
මම වෘත්තියෙන් රජයේ පාසලක ඩ්‍රාමා ගුරුවරියක්. ඒක මගේ මුල්ම ගුරු පත්වීම. මං යද්දි ඒ පාසලේ ඩ්‍රාමා විෂය තිබුණෙ නැහැ. මං ගියාට පස්සෙ තමයි පාසලේ ඒ විෂය උගන්නන්න පටන් ගත්තේ. රංගනයයි වෘත්තියයි දෙකම සමබරව කරගෙන යන්න තමයි අදහස. හොඳ චරිතයක් ලැබුණොත් ඉදිරියෙදිත් රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
ගෙදරින් ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක් ද?
මුලදි මුලදි නම් ගෙදරින් කැමති වුණේ නෑ. පස්සේ එයාල තේරුම් ගත්තා මං වැරැද්දක් කරන්නේ නැහැ කියලා. දැන් නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාලා මගේ ගමනට ආශීර්වාදයක්.
නාමලී ගමගේ




Our writer
ReplyDelete😍😍❤
ReplyDelete❤️❤️
ReplyDeleteImportant
ReplyDelete